Saturday, December 12, 2015

රිකවර් කරන්න බැරිවෙන්න delete කරමු.

අපි මොකක්හරි ෆෝල්ඩර් එකක් හරි ෆයිල් එකක් හරි delete කරොත් කාට හරි ඒක recovery කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් අපේ යාලුවෙකුට අපි පෙන් එක දුන්නහම එයා පළවෙනියටම කරන්නේ ඒක recovery software එකකින් recover කරලා එකේ තිබුණු ඩේටා ටික ගන්න එක[මගේ යාලුවෝ].උදාහරණයක් විදියට අපි අපේ පෙන් එකේ  password ලියලා තියෙන ටෙක්ස් ෆයිල් එකක් දාලා තිබිල යාලුවෙකුට දෙනකොට delete කරත් එයාට එක recover කරලා බලන්න පුළුවන්.


මේ ගැටලුව නිසා මම රිකවර් කරන්න බැරිවෙන්න delete කරන්න පුළුවන් පට්ට software එකක් අද ඔයාලට දෙනවා.

මේ සොෆ්ට්වෙයා එකේ නම Eraser.මේ software එක මේ ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න.
දැන් මේක install කරන්න.
delete කරන්න ඕනි ෆයිල් එක හරි ෆෝල්ඩරේ හරි රයිට් ක්ලික් කරන්න.එතකොට තියෙයි Eraser කියල එකක්, එක උඩට මවුස් එක අරගෙන් ගියහම එයි Erase කියල එකක් එයි . ඒක ක්ලික් කරන්න.



ඊට පස්සේ එන box එකෙන් yes කියලා දෙන්න.





දැන් වැඩේ හරි.දැන් ඉතින් යකෙකටවත් recover කරන්න බෑ.

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් බ්ලොග් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල සප් එකක් දෙන්න ස්තුතියි.

No comments:

Post a Comment